අමරණිය සිහිවටන

#ස්වර්ගස්තවු ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා

 

ජුනි මස 17 වන දින (ඊයේ) රාත්‍රී 8.30 ට පමණ අගරදගුරු මැඳුරු දෙව්මැඳුරේ සිට ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ මෘත දේහය කටුකුරුන්ද සාන්ත පිලිප්නේරි දෙව්මැඳුර වෙත රැගෙන ඒම සිදු විය. එතුමන්ගේ මෘත දේහය සාන්ත පිලිප්නේරි දෙව්මැඳුර වෙත බාර ගැනීම මීසම් පාලක ගරු ඉන්ද්‍රා රත්නසිරි ප්‍රනාන්දු පියතුමන්ගේ හා මීසම් සහයක ගරු සංජීව අප්පුහාමි පියතුමන්ගේ මූලිකත්වයෙන් සිදු වූ අතර එම කටයුතු සංවිධානයට මීසමේ සැදැහැවතුන්ගේ සහයෝගය හිමි විය. මෙම අවස්ථාවට ගරු පියතුමන්ලා හා ගරු කන්‍යා සොහොයුරියන් ද, ගරු පෝරුතොට පියතුමන්ගේ නෑ හිතමිතුරන් ද, මීසමේ පූජක සහයක දරුවන්, කොට්ඨාස නායක නායිකාවන්, දහම් ගුරුභවතුන්, ශිෂ්‍ය නායක නායිකාවන්, ගායනා කණ්ඩායම, තරුණ සමීතියේ දරුවන් හා මීසම් වාසීන් ද සහභාගී විය. හෙට දිනයේ දී සැදැහැවතුන්ට ගරු පියතුමන්ගේ මෘත දේහයට ගෞරව දැක්වීමට පැමිණිය හැකි අතර එසේ පැමිණීමේ දී පවතින සෞඛ්‍ය උපදෙස් පිළිපදින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්වර්ගස්ථ වු ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාගෙන් දේහය කොළඹ අගරදගුරු නිවසේ සිට කටුකුරුන්ද පිලිප් නේරි දේවස්ථානය වෙත රැගෙන යනු ලැබුවා.

එලෙස රැගෙන යාමට පෙර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයෙක් සිදුකරනු ලැබීය.

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන්ට ආදරය කරන නළු නිලියන් මෙන්ම එතුමන්ගෙන් මාධ්‍ය පිළිබඳව උගත් මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

අගරදගුරු නිල නිවසේ දේවස්ථානයේ සිට ඉන් පිටතට ඔවුන්ගෙ කර මත උන්වහන්සේගේ දේහය රැගෙන ඒමෙන් ගරු පියතුමන්ට ඔවුන්ගේ ගෞරවය දක්වන ලදි.

#ස්වර්ගස්තවු ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාට මොක් සුව ලබේවා !!

සටහන -සුරේන් අබේසුන්දර -0771777122

Related posts

Late Rev .Father – Shiran Karawgogoda @Kadana

admin

රංගන ශිල්පී ජයලත් මනෝරත්න -අවමංගලය pix By Suren Abeysundera

admin

චන්න විජේවර්ධන ගේ මවගේ අවමංගල්‍ය -CHANNA WIJEWARDENA සංවේදී මිනිසුන්ගේ වෙබ් අඩවිය

admin