Events

මේ දවස්වල නුවණි දරු සම්පත් කරනවලු

 

ගැමි පරිසරයක  ගෙතුණු   කුසලතාවයන් පිරි නලුනිලි රැසක් රගන- රන් තිළි වැව – ටෙලි නට්‍යය

දෙරණ නාලිකාව තුලින්  දැන් ඔබට නැරබිය හැක.නුවණි වලමුණි විශිස්ථ රගපෑමක් ප්‍රධාන චරිතයට පනපොවයි .

ගොඩක් දෙනක් නුවනිට ඉක්මනින් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න අරන්…මොකද මේ එකපාරටම කියලා හොයල බලන්න හිතුනා.

මේ දවස්වල සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 7:30 දෙරණ TV ඔස්සේ විකාශනය වන රන් තිලි වැව ටෙලි නාට්‍ය නිසයි ඇයට මේ තත්වය උදාවෙලා තියෙන්නෙ. කාලෙකට පස්සෙ කලාලොවේ බොහෝ කතා බහට ලක්වෙන නාට්‍යක් රන්තිලිවැව කියන්නෙ..දර්ශන තල ඉතා මනරම්..නිතර දකින්න නොලැබෙන වෙනස්ම කතා අරටුවක්.. අති දක්ශ යුග ගනනාවක් නියෝජනය කරන රoගන ශිල්පීන් මේ වැඩේට තවත් ආලෝකයක්..මිනිසා උපතින් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙකු නොවන බවත් මිනිසා විසින්ම නිර්මාණය කරගත් කුල බේදය මිනිස්කම් විනාස කරන ආකරයක් දිග හැරෙන රන්තිලිවැව නාට්‍ය අවසානය ඔබත් මමත් හිතනවාට වඩා බෙහෙවින්ම වෙනස් වූවකි. මෙහි පිටපත් සම්පූර්ණයෙන් ලියා අවසන් කරලලු.. උදය ප්‍රියන්ත කoකානම්ගේ තිරපිටපත් අඩ්‍යක්සනය චනික පෙරේරා විසිනි. නිශ්පාදනය S.k.N.W International pvt Ltd ආයතනයයි..

වේශනිරූපනයේ පටන්ම ලොකු වෙනසක් සහිත රන්තිලිවැව ශීලාගෙ චරිතය ගැන අපි නුවනිගෙන් ඇහුවා..

ශීලා..

ඔව් වේශනිරූපනයේදි මූන වර්ණය අදුරු කලා..කොන්ඩය වෙනස්ම විදිහකට සකස් කලා..නුවනි ශීලා උනා..මේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න උනා. ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ රූගතකිරීම් කලේ ගොඩාක් දුශ්කරයි. හවස් වෙද්දි ඒ පැත්තට අලිත් එනවා.කොහොම උනත්.මම හරිම ආසාවෙන් තෝරගත්ත චරිතයක්. දරුවන් නැතිකමේ පීඩාවත් තම පවුල මුහුන දෙන තාඩන පීඩනත් එක්ක මහා දරාගැනීමක් සහිත අහිoසක ගැහැනියක් තමහි ශීලා…ඉදිරියට නාට්‍ය වගේම මගේ චරියත් ලොකූ වෙනස්කම් රැසක් එක්ක ගලාගෙන යාවි.දැනටමත් හිතුවට වඩා ගොඩාක් හොද ප්‍රතිචාර ලැබෙනවා.

චමීර ශානක..නයෝමි තක්ශිලා,මොරින් චාරුනි, ජනක් ප්‍රේමලාල්,ක්ලීටස් මෙන්ඩිස්,හර්ශ තෙන්නකෝන්,ශාලිකා එදිරිසිංහ ,නිමේශා මදුශානි අපූරු රoගනයක යෙදෙනවා.

# සටහන -සුරේන් අබේසුන්දර

 

Related posts

පුබුදු & මර්ෂී -Pubudu & Marchi -Happy 2 Wedding Anniversary 2020

admin

රංගන ශිල්පිණි &Model -Gihani Weerasinghe – Hot & Sexy – New Shoot

admin

# සුභ උපන්දිනයක් වේවා – ජනාධිපතිතුමනි !! -Happy Birth Day – Our President

admin