Events Gossip News

ලාංකීය ගීත රචකයන්ගේ නව සංවිධානයක් – අරම්භවේ

 

ශ්‍රී ලාංකීය ගේයපද රචකයින්ගේ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම උදෙසා හඬක් නැගීමට නව සංවිධානයක් පිහිටුවීමට 2020/07/04 වන දින තීරණය කල වගයි.

ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් නිර්මාණවේදියාගේ කැඳවීමෙන් හා අනුශාසකත්වයෙන් පැවැත්වීමට යෙදුන මෙම හමුවට සීමිත ගේයපද රචකයින් පිරිසක් පමණක් සහභාගි විය. එයට ප්‍රවීණ මෙන්ම නව පරපුරද එක් විය.

නිළධාරී මණ්ඩලය තෝරා පත්කර ගන්නා මහසභා රැස්වීම එළඹෙන ජූලි මස 31 වන දින පෙරවරු 9.30ට පැවැත්වීමට තීරණය කල අතර, පැවැත්වෙන ස්ථානය තව නොබෝ දිනකින් දැනුම් දීමට නියමිතව ඇත.

දිවයින පුරා විසිර පැතිර සිටින සියලුම ප්‍රවීණ මෙන්ම නව පරපුරේ ගේය පද නිර්මාණ කරුවන් වෙත මේ සඳහා එක්වන ලෙස විවෘත ආරාධනයක් ඉදිරිපත් කර ඇත.

Related posts

සුපිරි නිළි ස්වර්නා මල්ලවඅරච්චි -උපහාර GREAT Suwarna Mallawaarchchie විශිෂ්ට කලාකරුවන්ගේ නවතම වෙබ් අඩවිය -EVET 3500 දිනපතා

admin

රිය අනතුරකින් අශෝක වර්ඩිමංගාව මියගියා

admin

# සමාජජාල -ලංකාවේ ජනතාවගේ සිත් ගත් හොදම Media ලෙස පත්වේ – Poto සැමගේ

admin