Events Gossip News News

තිස්ස ගුණවර්ධන සිහිකිරීම !!

 

තිස්ස ගුණවර්ධන (අපේ ගුරා )සර් උපන් දිනය අපි සැමරුවා . මොරටුව වේල්ස් කුමාර විදුහලේ කලා අංශයේ ගුරුවරුවකු ලෙස සේවය කලා. එතුමා විශ්‍රාම ගියත් අපි (ආදී සිසුන් )සැම දිනකම නිවසේ සිට සර් රැගෙන විත් සවස් වනතුරු පාසලේ සිට නැවත නිවසට ගෙන යනවා .  තිස්ස ගුණවර්ධන විසින් අපේ රටේඅද ඉතාමත් ජනප්‍රිය කලාකරුවන් රැසක් බිහිකර ඇත. ගායන අංශයෙන් ගායකයන් 40 පමණ දැන් බිහි වී ඇත. ලංකාවේ වැඩිම මාධ්‍යවේදීන් & කීර්තිමත් ඡයරුප ශිල්පින්   බිහි කල ගුරුතුමාද   වන්නේ තිස්ස ගුණවර්ධනයන් විසිනි .මෙරටේ ලොකුම සදකඩ පහන නිර්මාණ කර ඇත්තේ තිස්ස ගුණවර්ධන විසින් වේල්ස් කුමාර  විදුහල සදහාය.ලි  කැටයම් /මුර්ති නිර්මාණ කරුවන් රැසක් මොරටු පුරයට එතුමා බිහි කර ඇත. අපේ රටේ tv ටෙලිවිෂන් චැනල් රැසක විධායක නිලධාරින් ද පුවත්පත් අංශයේ මාධවේදීන් රැසක්ද තිස්ස ගුණවර්ධන ගුරු පියාණන් විසින් අපේ රටට දායාදකර පරපුරක් තනා ඇත. මොරටුවේ චාල්ස් හෙන්රි සොයිසා ධනපති විසින් මෙරටට දායාද කල වේල්ස් කුමාර විදුහල ඇතුළු ගොඩනැගිලිආයතන  රැසක් ජනතාවට දී ඇත. එයද අපි මේ අවස්ථාවේ සිහිපත් කල යුතුයි .අපේ තිස්ස ගුණවර්ධන ගුරු පියාණන්ට ආදී සිසු පරපුරේම ප්‍රණාමය & ස්තුතිය.     Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

නළු සුරේෂ් ගමගේ Photo Shoot

admin

Show World 2023

admin

45 මහජන බැංකුව Carol

admin