Events Gossip News News

34 ජෝති සැමරුම

 

    Super Star H R ජෝතිපාල සැමරුම Click කර ඡයරුප පෙළ නරබන්න.34 වන ජෝතිගේ සැමරුම (2021) ජුලි 7 යෙදී  තිබුණා .සැම වසරකම   දිවයින පුරා ජෝතිගේ  රසිකයන් බොරැල්ල කනත්තට පැමිණේ .ජෝතිගේ දියණිය ක්රිෂ්නි   විසින් පවත්වාගෙන යන ජෝති මිතුරු සමාජය සියලුම සාමාජිකයන් පැමිණේ .ඇය  එම සාමාජිකයන්ට උදව් උපකාර කරයි .ජෝති මියයන විට වයස 51යි .ආනන්ද පත්මසිරි & පත්මසිරි කොඩිකාර &සුමාල් මිතුරන් ලෙස කතා පවත්වයි .අදටත් ජෝතිගේ හඩ අභියෝග කල හැකි ගායකයෙක් බිහිවී නොමැත .ජෝතිව ජනතාව මෙතරම් ආදරය කරන්නේ ඔහු ජිවත් වි කාලයේ විශේෂයෙන් දුගී දුප්පත් මිනිසුන්ට කල සේවයයි .දිවංගත රණසිංහ  ප්රේමදාසගේ හොද හිතවතෙක් වන ජෝති ගම්  උදාව වෙනුවෙන් ජිවිතේ අවසන් වරට අසනීප තිබියදීත් ගීත ගායනා කලා .විජය ජෝතිගේ සමකාලින මිතුරා විය ජෝතිගේ ගීත විකුණා & ගී ගයා අදටත් මුදල් හොයන අය බොහෝයි .නමුත් ඔහුන් ජෝතිගෙන් ඇත් වි ජිවත් වේ ඉතා කණගාටුයි .දෙවියන් වහන්සේ විසින් අපට දායාද කල මෙවැනි හොද මිනිසුන් අකලේම අපෙන් වෙන්වීමෙන් අපට ඇතිවන්නේ දරා ගත නොහැකි වේදනාවක්  . ජෝතිපාල මධ්‍යම පාන්තික පවුලක, පළමු දරුවා ලෙස ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මරදානේ ශාන්ත ලෝවුරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ සා.ජෝන්ස් විද්‍යාලයෙනි. නි උත්වසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු නිසා මේ කාලයේදී ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාමට පුරුදුව සිටියේයඔහු .

1956 දී සිරිල් පී. අබේරත්නගේ “සුරතලී” චිත්‍රපටය සඳහා “සිරියා මේ සාරා” ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදී තිරයට එක් විය. මීට ප්‍රථම ඔහු නැසී ගිය “සිරිසේන විමලවීර” ගේ “පොඩිපුතා” චිත්‍රපටය සඳහා ගීතයක් පටිගත කර තිබුණි. නමුත් ඉන්දියානු චිත්‍රපටය රචකයා ජෝතිපාලගේ කටහඬ ගැන සතුටු නොවූ නිසා ඔහුට තම ගායන මංපෙත විවර කර ගැනීමට නොහැකි විය.ජෝති සිය මිතුරන් සමඟ “පොඩි පුතා” චිත්‍රපටය නැරඹීමට ගිය විට තම ගීතය එහි ඇතුළත් නොවන බව දුටුවේය. ගායකයෙක් ලෙස තම ජීවිතය හැඩ ගස්වා ගත යුතු බව ඔහු දැඩිව සිතට ගත්තේ මේ අවස්ථාවේ දීය. පසුව “සුරතලී” චිත්‍රපටයේ නිෂ්පාදක ජබිර් ඒ.කාදර් මහතාට ඔහුව චිත්‍රපටය යොදා ගැනීම සඳහා ඔහුගේ ගීතයක් ඇසීමට අවශ්‍ය විය. ජෝතිපාලට ගීතයක් පටිගත කිරීමට ප්‍රමාණවත් මුදලක් ඔහු සතු නොවූ මෙම අවස්ථාවේ දී කෘතහස්ත සංගීතවේදීස්ටැන්ලි ඔමාර් මහතා එකල විශාල මුදලක් වූ රු.35 ක් පරිත්‍යාග කළේය. චිත්‍රපටයේ ජෝතිපාලගේ ” සිරියා මේ සාරා ” ගීතය තවමත් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රය ය. මින් පසුව ජෝතිපාලයන් ඉන්දියාවේ “වාහිනී” චිත්‍රාගාරයේ ටී.ආර්.පපා මහතාගේ අධීක්ෂණය යටතේ ජනප්‍රය ගීත රැසක්ම ගායනා කළේය.ජෝතිපාල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කර තිබේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී ජෝතිපාල අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “සන්දේශය” චිත්‍රපටයේදී ඔහු හා එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. ජෝතිපාල මේ සඳහා ප්‍රවීන ගායක සුනිල් ශාන්තයන් විසින් තනු නිර්මාණය කරන ලද කෘතහස්ත ගීත රචක අරිසෙන් අහුබුදු ශූරීන් ලියූ “පෘතුගීරිසිකාරයා” ගීතය ගායනා කළේය.ඔහු රඟපෑමද ආරම්භ කල හැට දශකයේ අග භාගයේ හා හැත්තෑව දශකය පුරාම චිත්‍රපට සඳහා “ජෝතිපාල” නම අවිවාදයෙන් පිලිගැනුණේය. ඔහු හින්දි ගීත ගායනා කිරීම විවේචනයට ලක් වුවද, ඔහු පණ්ඩිත් අමරදේව, පී.වී. නන්දසිරි, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක සහ මිල්ටන් මල්ලවාරච්චි යන අයගේ මඟ පෙන්වීම යටතේද ගීත ගායනා කළේය.ඔහු කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා,හොඳට හොඳයි, වාසනා, සංගීතා සහ වෙනත් ජනප්‍රිය චිත්‍රපටද ඇතුලත්ව චිත්‍රපට සිය ගණනක් සඳහා ගීත ගායනා කළේය. මෙම සම්මානලාභී ගායකයා ඇතුල්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති සහ ඔක් ඔහුගේම නිෂ්පාදන වන සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත්‍රපට සඳහා යන ගීත ජෝති විසින් ගායනා කර ඇත .   ටහනසුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

117 J R Jayawardena සැමරුම

admin

CIMA Presidents 2024

admin

Popular Awards සුරූපී විලාසිතා

admin