Events Gossip News News

85 ලලිත් අතුලත්මුදලි !!

 

ලලිත් ඇතුලත්මුදලි -85 වන(2021) ජන්ම සැමරුම පසුගියදා රටපුරා ජනතාව සැමරුවා . මේ රට ජනතාවට සුවිශේෂ  සේවයක් කල නිසා  ජනතාව අදටත් එතුමාට  ආදරේ කරනවා . එදා ජනතාව පෝලිම් වල අත්යවශය බඩු ගන්න දස දුක් විදිනවිට  ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා වෙළද ආර්ථිකය විවෟත  කර ජනතාවට සාධාරණ ,සහන මිලකට සැම දෙයක්ම ගන්න අවස්ථාව ඇති කලා . වරාය ලලිත් ඇතුලත්මුදලි 1977 භාරගන්න විට ලෝකේ 128 තිබ්බේ ,ජය බහලු කන්ටේනර් අංගනය ජපන් ආයෝජනයෙන් ලෝකේ 21 වරාය පත් කලා .ආසියාවේ 1 වරාය බවට පත් කර දුන්නා . මෙහි විශේෂත්වය වන්නේ ලංකාවට වරායේ අදායම 100% හිමිවීමයි වරායට පමණක් 150000 රැකියා දුන්න.අපනයන ගම්මාන ඇති කළා..මිනිසුන්ගේ අතේ මුදල් ගැවසෙන ආර්ථිකයක් ඇති කල.මා පාසල් යන කලේ සිට එතුමාගේ කතා අහන්න අසා කළා . . ලලිත් ඇතුලත්මුදලි කොතරම් උගතුන් සමග ගත කලත් , සාමාන්ය ජනතාව ,අවංක දක්ෂ අය එතුමා ලගින්ම ඇසුරු කිරීමයි. එතුමා තෝරාගත්තා . ඉතා සරල ජිවිතයක් ගත කල මෙවැනි උතුම් මිනිසෙක් රටට නැතිවීම ජනතාවට දැන්නේ අදයි . මොකද  අද අපට ජිවත් වීමට සටනක් කරන්න වෙලා . ලලිත් ඇතුලත්මුදලි වැනිඋතුම් මිනිසුන් වෙඩි තබා නැතිකිරීම ,මෙරටට ජනතාව අද විදින්නේ ශාපයක් විය හැක. එතුමාගේ එකම දියණිය සරලා අතුලත්මුදලි විවාහ වී දැන් විදේශ ගත වී ඇත. ( මා කල ඡයරුපයක් ඔබට නැරබිය හැක. )  ලංකාවේ සීටිමින් තම පියාගේ සිහිවන විට ලොකු වේදනාවක් ඇතිවන නිසා තමන් විදේශ ගත වන බව ඇය මා සමග පැවසුවා . එතුමා ඔක්ෆෝර්ඩ් විශ්ව විද්යාලය ඉගෙනීම හැදෑරීමට එවකට බණ්ඩාරනායක මැතිතුමා උදව් කිරීම ආදර්ශයට ගෙන ,රත්මලාන මහපොළ සැණකෙළියක් පවත්වා එහි  ඉන් ලැබුන අදායම මහපොළ ශිෂ්යාව අරමුදල බිහිකළ.එය දිලිදු පවුල්වල දරුවන්ට ලොකු අස්වැසිල්ලක් වුනා. අද වනවිට ශිෂත්ව 325000 පිරිනමා ඇත. ලලිත් ඇතුලත්මුදලි එදා මහපොළ ශිෂත්ව හදුන්ව දීමට භාගය -ටෙලි නාට්ය ඉදිරිපත් කල. එය රන්ජන් රාමනායක මුලින්ම හදුන්ව දුන් ටෙලි නාට්ය වේ. එසේම රමණි බර්තෙලමස්  හදුන්වා  දුන් මුල්ම නාට්ය වේ.භාග්ය ටෙලි නාට්ය සාර්ථක නිර්මාණයකි . ලලිත් ඇතුලත්මුදලි ට ජනතාව විශ්ව කෝෂයක් කියන්නේ එකයි . අද  සිටින කීර්තිමත් හමුදා නිලධාරීන් මුල් පත්වීම්එතුමා විසින් කර ඇත.  කව්රු හරි නොව කුමක්ද ? සංකල්පය මත ජීවත්වෙන්න එතුමා අපට කියා දුන් පණිවිඩය වේ.  . ලලිත් අතුලත්මුදලි මියගියවිට එවකට ජනාධිපති ප්රේමදාස මැතිතුමා රැස්වීමකදී   පවසා සිටියේ එය ප්රජත්න්ත්රවාදයට විරුද්ධ ක්රියාවක් බවයි.එනිසා මැයි 1 සියල්ල හෙළි කරන  බවයි. අවසානේ ප්රේමදාස  මැතිතුමාවත්  ඝතනය කලා .    ලලිත් අතුලත්මුදලි මියයාම ප්රේමදාස   මැතිතුමාට බලවත් කම්පනයක් විය . රටට ජනතාවට ආදරය කල හොද අය නොමැතිවීමේ අභාගය අද වනවිට ජනතාවට හොදින්ම දැනේ .මා එතුමාගේ පිළිරුව ලගින් යන විට හිස නමා ආචාරය කරනවා. අවසානේ මා කියන්නේ  ලලිත් අතුලත්මුදලි මැතිතුමාව  ආදර්ශයට ගෙන වත්මන් දේසපලකයන්  වැඩ කරන්න ලෙසයි .එතුමාට මෙතරම් ජනතාවට ආදරේ කරන්නේ ඒ නිසයි . Photograpy&ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

නිලි දුෂි ලියනගේ රුරටා !!

admin

Chance Sports Awards

admin

Shoot නිලි කුමාරි සේනාරත්න

admin