Events Gossip News Model Photos News

Journalist- Bride Shoot – සුනාලී රත්නායක

සුනාලී රත්නායක  මාධ්‍යවෙදිනි &  රංගන ශිල්පි   මනාලියක් ලෙස දෙවැනි ගමන Bride Shoot දැන් නරබන්න ,සුන්දර  යුවතියක්  වන ඇය  අපේ භාෂාවෙන් පැවසියොත් හින්දි නිලියක්  ලෙස හුවා දැක්විය හැක

. ලාංකේය ඉංග්‍රීසි ජනමාධ්‍ය, නිරූපන, මෙන්ම, රංගන ක්ෂේත්‍රයට අළුතින් හඳුන්වාදීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන ඇය, නමින් සුනාලී රත්නායක යි. වසර 16 කට අධික කාලයක්, ඇය, මෙම ක්ෂේත්‍රයන් සියල්ලටම ඇගේ පූර්ණ කාලීන සහ අර්ධ කාලීන දායකත්වය ලබා දී ඇත. දෙවෙනි ගමනට නික්ම යන මනාලියක් ලෙසින් අද දින හැඩ ගැන්වුණු ඇයගේ අළුත්ම රුව ඔබට මෙසේ දිස් වන්නේ: සුනාලී ව එලෙසින්; සිත්ගන්නා සුළු, දැකුම්කලු අයුරින් හැඩ ගැන්වුයේ; ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි, සැලෝන් සුජීවා හි; සුජීවා හපුආරච්චි (Sujeewa Hapuarachchi) මහත්මිය විසිනි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ ඉංග්‍රීසි ජනමාධ්‍යවේදී ආර්. එස්. කරුණාරත්නයන් යටතේ ජනමාධ්‍ය පිළිබඳව න්‍යායාත්මක හැදෑරීම් කිරීමෙන් අනතුරුව, ජනමාධ්‍ය කටයුතු පිළිබඳව: මෙට්‍රොපොලිටන් අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන සුදුසුකම් ලබා: සුනාලී; මීට වසර දාසයකට (16) පෙර, එනම්, 2004 වසරේ දී, ඉංග්‍රීසි ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පා තැබුවේ, ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු, නීතීඥයෙකු වූ, මෙන්ම 2009 වසරේදී ඝාතනයට ලක්වූ, ජාත්‍යන්තර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනූ; ලසන්ත වික්‍රමතුංග මහතා කතෘ මණ්ඩල අධිපති වශයෙන් කටයුතු කළ; The Sunday Leader පුවත්පතේ කතෘ මණ්ඩලයට, එහි සාමාජිකාවක් වශයෙන් සම්බන්ධ වීමත් සමගය. වසර ගණනාවක් සන්ඩේ ලීඩර් පුවත්පත් කතෘ මණ්ඩලයේ පුවත්පත් කලාවේදිනියක් වශයෙන් සේවය කළ සුනාලී, ඇයගේ ඉංග්‍රීසි ජනමාධ්‍ය ජීවිතයේ ගුරුවරයා ලෙසින්, අදටත් ඉතාම ගෞරවයෙන්, භක්තියෙන් සහ ආදරයෙන් සිහිපත් කරනුයේ ලසන්ත වික්‍රමතුංග මහතාවයි. සුනාලී: ඇගේ ජීවිතයේ, ඈ ලද වටිනාම වෘත්තීමය අත්දැකීම; ලසන්ත වික්‍රමතුංග වැනි උගත්, කීර්තිමත්, අවංක, නිර්භීත මාධ්‍යවේදියෙකු යටතේ මාධ්‍ය කටයුතු පිළිබඳව පුහුණුවීම් ලබා ගැනීමට වාසනාව ලැබීම බව පවසන්නීය. උපතින්ම මෙන්ම, ඇගේ නිවසේ පරිසරයේ ද කෙලින් අදහස් ප්‍රකාශ කිරීමට පුරුදු වී සිටි සුනාලී, සත්‍ය වෙනුවෙන්, කොන්ද කෙලින් තබාගෙන හිටගැනීමට ධෛර්යමත් වූයේ, ලසන්ත යටතේ ලත් පුහුනුවෙනි. එමෙන්ම, ඊට නොබෝ කලකට පසුව, සුනාලී රත්නායක ව සිංහල ජනමාධ්‍ය සහ ලේඛන කලාවට වෙත යොමු කළ, ලාංකේය පුවත්පත් සමූහයක කතෘ මණ්ඩල අධිපතිධූරය, මෙන්ම එම පුවත්පත් ආයතන හිමිකරු වශයෙන් කටයුතු කළ ජේෂ්ඨ ජනමාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ මහතාව ද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. අර්නස්ට් වඩුගේ මහතාගේ කලාරස පුවත්පත සඳහා, 2008, 2009 වර්ෂයන් හිදී සුනාලී; සිංහල මාධ්‍යයෙන් Visit To Hollywood නමින් දීර්ඝ, සවිස්තරාත්මක මෙන්ම අධ්‍යාපනික ලිපි පෙලක් ඉරිදිපත් කළේ, ඒ වකවානුවේදී, ඇමරිකාවේ ජීවත් වෙමින්, හොලිවුඩ් නුවර ප්‍රසිද්ධ ස්ථානයන් හි සංචාරය කරමින් වීම සුවිශේෂත්වයක් ලෙස සැලකිය හැකිය. සුනාලී, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් ද්විත්වයම චතුර ලෙස පරිශීලනය කරන්නීය. ඇය, මෙම භාෂාවන් ද්විත්වයේම විවිධ වූ පරිවර්තන කටයුතු ද, රාජකාරි මට්ටමින්, වසර පහලවක් පමණ සිට සිදුකරනු ලබන්නීය. කුඩා අවධියේදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (United Arab Emirates) තම දෙමාපියන් සමග ජීවත් වෙමින්, එහි වූ රෝසරි නම් වූ (Rosary International School) ජාත්‍යාන්තර පාසලෙන් අධ්‍යාපන කටයුතු ද හදාරූ සුනාලී, ඉන්පසුව, ඇගේ මවගේ ගම වන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, වසර දාහතක් (17ක් ) වැනි දීර්ඝ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ අතර, එහිදී ඇය ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ, දේශපාලන විද්‍යාව පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරමින්, විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඇමරිකාවේ රැකියාවන්හිද නිරත වූවාය. ඊට අමතරව, සහ, ඊට ප්‍රථම: 1997 වසරේ දී, සුනාලී; ශ්‍රී ලංකාවේ, රත්මලාන ගුවන් තොටුපොළේ පිහිටි; ලයන් එයාර් (Lion Air Aviation) ගුවන් ආයතනයෙන් ගුවන්යානා පැදවීම සම්බන්ධව න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පුහුණුවීම් ලබා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් (Civil Aviation Authority of Sri Lanka) පැවැත්වූ එම අදාල විභාගයන් සමත්වූ අතර, ඉන් පසුව 1998 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයට ගොස් ඇමරිකාවේ, ඔරේන්ජ් කවුන්ටි (Orange County) හි ජෝන් වේන් (John Wayne Airport) ගුවන්තොටුපොළේ; ලෙන් එයාර් (Len Air Aviation) ගුවන් ආයතනයෙන්; පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය (Private Pilot License and Instrument Rating) ලබා ගත්තාය. ඇය, පෞද්ගලික ගුවන් නියමුවරියක් ලෙසින් සුදුසුකම් ලැබුවේ එලෙසින්ය. එමෙන්ම, සුනාලී, ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ වකවානුවේදී, 2011 වසරේදී ඇමරිකානු නාවික හමුදාවේ Active Duty සඳහාද සම්බන්ධ වී, චිකාගෝ ප්‍රාන්තයේ පිහිටි (Great Lakes Naval Station, Illinois, Chicago) ඇමරිකාවේ විශාලතම නාවික හමුදා පුහුණු කඳවුරෙන් (Boot Camp) පුහුණුවීම් ද ලබා ගත්තාය. නමුත්, ඉන්පසුව, ඇයට පෞද්ගලික හේතූන් මත, නැවත ශ්‍රී ලංකාවට පිවිසීමට සිදු විය. තවද, ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ සමයේදී, සුනාලී රත්නායක, ලොස් ඇන්ජලීස් නුවර පිහිටි, Miss California වශයෙන් කිරුළු පැළදූ; පැට්රීශියා ස්ටූර්ලා (Patricia Sturla Studios) ගේ; රංගන සහ නිරූපණ කටයුතු පිළිබඳ ආයතනයෙන්, මෝස්‌තර නිරූපණය පිළිබඳවද හැදෑරීම් කාලය. හොලිවුඩ් නුවර සයන්ටොලොජි (Scientology Building, Hollywood, California) ආයතනයේ එවකට පැවැත්වූ විවිධ මෝස්‌තර නිරූපණ වැඩසටහන් සඳහා ද සුනාලී නිරූපනයෙන් දායක වුවාය. මේ සියල්ල සඳහා ඇය දායක වූයේ, ලංකේය ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට ප්‍රථමයි. ඉන් පසුව, ශ්‍රී ලංකාවේ කඩින් කඩ ජීවත් වූ සුනාලී, ටෙලිනාට්‍ය රංගනය සඳහාද විටින් විට දායක වුවාය. සිරස නාලිකාව ඔස්සේ, 2010 වසරේදී විකාශනය වූ, ප්‍රියන්ත සමරකෝන් ගේ අධ්‍යක්ෂණයක් වූ; සඳ මැදියම ටෙලි සිත්තමේ සුනාලී රත්නායක, රංගවේදියා සමග, මතක හිටින අපූරු ගැමි චරිතයක් නිරූපණය කාලය. තවද, ඇය විජේරත්න වරකාගොඩ රංගවේදියා සමගද, රංගන ශිල්පී අජිත් ලොකුගේ අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යක ද, බර්මින් ලයිලි ප්‍රනාන්දු ගේ අධ්‍යක්ෂණයක ද විවිධ චරිත නිරූපණය කර ඇත. ඇය ලංකේය රංගන ක්ෂේත්‍රයට විටින් විට, සුළු වශයෙන් හෝ දායක වූයේ; ඇගේ ජීවිතයේ ප්‍රථම ස්ථානය හිමිවූ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ කාලීනව නියැලෙන අතරතුරේදීය. තවද, සුනාලී, වෙළඳ දැන්වීම් සඳහාද සිය රංගන දායකත්වය ලබා දී ඇත. 2007 වසරේදී ඇය, Lenovo රූපවාහිනී දැන්වීම සඳහාද, ප්‍රවීණ අධ්‍යක්ෂ දයාරත්න රටගේදරයන් 2008 වසරේදී අධ්‍යක්ෂණය කළ; ජයෝදා ලොතරැයි රූපවාහිනී වෙළඳ දැන්වීම සඳහාද සිය රංගන දායකත්වය ලබා දුන්නාය. මේ අතරම, විටින් විට, සුනාලී ගේ රුවින්, වසර විස්සක් පමණ කාලයක් තිස්සේ, ලංකේය පුවත්පත් මෙන්ම සඟරා කවර විශාල සංක්‍යාවක් හැඩගැන්වී ඇත. නැවතත් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගිය සුනාලී, නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ 2016 වසරේදීය. එසේ පැමිණීමෙන් අනතුරුව ඇය, එවකට පැවති ආණ්ඩුවේ, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වශයෙන් කටයුතු කළ: ප්‍රවීණ මාධ්‍යවේදී මෙන්ම; වෛද්‍ය විද්‍යාල සුදුසුකම් ලබා වෛද්‍ය විද්‍යාව හැදෑරු, වර්තමාන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ මාධ්‍ය ලේකම් වශයෙන් ද, එම අමාත්‍යංශයේ වසර එක හමාරක් පමණ කටයුතු කාලය. ඒ, ඉතා මෑතකදීය. දැනට ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටින සුනාලී රත්නායක, නැවතත් රංගන කටයුතු, නිරූපණ කටයුතු, ලේකන කටයුතු ඇතුළු කලා කටයුතු සඳහා ඇයට හැකි අයුරින් දායක වෙමින් සිටින්නීය. මෑතකදී, ඇය රංගනයෙන් දායක වූ, ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සුනිල් ධර්මසේනයන්ගේ සංගීත නිර්මාණයක්; Music Video එකක් ලෙසින් ඔබට රසවිඳීමට හැකිවනු ඇත. තවද, සුනාලී, නුදුරු අනාගතයේදී, ඇය විසින් රචිත නවකතාවක් ද එළිදැක්වීමට අපේක්ෂාවෙන් සිටින්නීය. ඇය, එම නවකතාව: සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන් ද්විත්වයෙන්ම ඉදිරිපත් කිරීමට සිතා සිටින අතර, එම ලේකන කටයුත්තේ වර්තමානයේ නිරතව සිටින සුනාලී, අනිකුත් කලා කටයුතු සඳහාද දායක වීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.

|

.

අව් කන්නාඩි වික්‍රමරච්චි ආයතනය විසින් සපයන ලදි  සටහන:& ඡයාරුප සුරේන් අබේසුන්දර-0771777122

 

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න

Related posts

සමිති/පක්ෂ පා ගමන 2022

admin

රුක්මණී දේවි සැමරුම

admin

මොරටුව කලා එකමුතුව

admin